Blog Archive

Wednesday, December 6, 2017

අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය


අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය





අප ජලය පිරියම් කිරීමෙ පියවර 4කි.
1.ප්‍රථමික පිරියම් කිරීම.
2.ද්විතියික පිරියම.
3.විෂබීජ නාශනය සහ පිරිපහදු කල ජලය මුදා හරිම.
4.නිර්වායු රොන් බොර ජීරණය.

1.ප්‍රථමික පිරියම් කිරීම.(මූලික පිරියම)


  • අප ජලය සියල්ල අවසාධක ටැංකි වලට පොම්ප කරනු ලැබේ. 
  • සැහැල්ලු විශාල ද්‍රව්‍ය ජලය මතු පිට පාවෙ.(තෙල්,ග්‍රීස්,ප්ලාස්ටික්) 
  • බරැති ද්‍රව්‍ය ටැංකිය පතුලේ තැන්පත් වේ.මේවා රොන් බොර ලෙස හැදින්වේ. 
  • එම රොන් බොර නිර්වායු රොන් බොර ජිරකය වෙත යවනු ලැබේ. 
  • දින 20-30 කාලයක් ගත වේ.අප ජලය ස්වභාවය මත මෙය තිරනය වෙයි. 
  • 20%-30% අතර කාබනික ද්‍රව්‍ය ඉවත් වේ.(ජලයේ දිය නොවූ.)

 2.ද්විතියික පිරියම. 

*.ද්විතියික පිරියමේදී ක්‍රම දෙකක් අනුගමනය කරයි. 

  1. සක්‍රිය කල බොර ක්‍රමය.
  2. කාන්දු පෙරහන් ක්‍රමය. 


1.සක්‍රිය කල බොර ක්‍රමය.

  • මෙහිදී වායු ගැනවිමේ තටාක වලට අප ජලය එකතු කර O2 වායුව බුබුලනය කරයි. 
  • මෙහිදී ජලයේ දිය වූ කාබනික ද්‍රව්‍ය ස්වායු බැක්ටීරියා මගින් CO2 සහ ජලය බවට පත් කරයි. 
  • මෙය ඔක්සිකරණ ක්‍රියාවලියකි. 
  • ස්වායු බැක්ටීරියා වර්ධනය වේගවත් කිරීම සදහා O2 වායුව බුබුලනය කරන අතර රොන්බොර ස්වල්පයක් එකතු කිරීමෙන් ස්වායු බැක්ටීරියා වායු ගැන්වීමේ තටාකයට එකතු කර ගත හැක.එම නිසා මෙයට සක්‍රිය කල බොර ක්‍රමය ලෙස හදුන්වයි. 
  • 75%-90% ත් අතර කාබනික ද්‍රව්‍ය ප්‍රමානයක් ඉවත් වේ.(ජලයේ දිය වූ.). 
  • මේ සදහා පැය 24 කාලයක් ගත වේ. 
  • මෙහිදී පතුලේ තැන්පත් වන රොන්බොර නිර්වායු රොන්බෝර ජිරකයට යවයි. 

2.කාන්දු පෙරහන් ක්‍රමය.

  • මෙහිදී ජලය ක්‍රමිකව සෙමින් ප්ලස්ටික් කැට, රළු ගල්, රළු වැලි,සිනිදු වැලි අන්තර් ගත පෙරහන් තුලින්කාන්දු වීමට සලස්වේ. 
  • මෙහිදී ජලය වාතනය වී දිය වූ කාබනික ද්‍රව්‍ය CO2+H2O බවට පත් වේ. 
  • ගත වන කාලය වැඩි වීම, නඩත්තු කිරීම අපහසු විම, පෙරහන් නිතර නිතර පිරිසිදු කල යුතු වීම මෙහි අවාසි වේ. 

3. විෂබීජ නාශනය සහ පිරිපහදු කල ජලය මුදා හරිම.


  • පිරිපහදු කල ජලයේ අඩංගු ක්ෂුද්‍ර ජීවින් ඉවත් කිරීම සදහා ජලය ක්ලොරනිකරණය සිදු කරයි. සාන්ද්‍රණය ලීටරයට 5mg -20mg අතර හෝ 2ppm - 5ppm භාවිතා කරයි. 
  • මිට අමතරව ඕසෝන් වායුව සහ UV කිරණ භාවිතා කරයි.  
  • අධික වියදම නිසා භාවිතා කිරීම අවම වේ.
 
4.නිර්වායු රොන් බොර ජීරණය.

  • මෙහිදී මූලිකව නිර්වායු රොන්බොර ජිරකය තුල ඇති රොන්බොර භාවිතා කර ජිව වායුව නිෂ්පාදනය කරයි. 
  • ඉතිරිය රොන්බොර පොහොර ලෙස භාවිතා කල හැකිය. 


*මෙම පිරිපහදු කල ජලය බිමට නුසුදුසුය. ස්වභාවික ජා පද්දතියකට මුදා හැරීම , වග කටයුතු, ගිනි නිවීම , පිරිසිදු කිරීම් , කටයුතු වලට යොඩ ගත හැකිය.



7 comments: