Blog Archive

Wednesday, December 6, 2017

ජීව වායුව නිශ්පාදනය.

ජීව වායුව නිශ්පාදනය.

ජිව වායුව යනු,
  • ජිව වායුවේ ප්‍රධාන සංඝටක වන්නේ මීතේන් වායුවයි (CH4). 50% - 80% අතර ප්‍රමාණයක්  මීතේන් වායුව අන්තර්ගත වේ.මීතේන් වායුව ජිව වායුවේ ප්‍රධාන දහන පෝෂකය වේ.සුළු වශයෙන් N, CO, H2S අන්තර්ගත වේ.
  • ජිව වායුව නිෂ්පාදනය සදහා විශේෂයෙන් සැකසු නිර්වායු ජීරක කුටීරයක් භාවිතා වේ.‍

ජීව වායුව නිශ්පාදන ක්‍රියාවලිය

  1. කාබනික සංයෝග ජාල විච්ඡේදනය
  2. පැසීම
  3. ඇසිටික් අම්ල ජනනය
  4. මීතේන් නිපදවීම

1.කාබනික සංයෝග ජාල විච්ඡේදනය.


අමුද්‍රව්‍ය - ජලිය කාබනික ද්‍රව්‍ය මිශ්‍රණයක් (ගොම , සත්ත්ව අපද්‍රව්‍ය , පිදුරු යොදා ගනු ලැබේ.)

  ඉහත සදහන් කරන ලද ජලිය කාබනික ද්‍රව්‍ය වල අඩංගු පහත සදහන් කාබනික සංයෝග නිර්වායු ක්ෂුද්‍ර ජීවින් මගින් නිර්වායු තත්ත්ව යටතේ පහත පරිදි බිද හෙලනු ලැබේ.

  • කබෝහයිඩ්රෙට්  ➜ සරල සිනි
  • ප්‍රෝටීන              ➜ ඇමයිනෝ අම්ල
  • ලිපිඩ                  ➜ මේද අම්ල + ග්ලිසරෝල්

2.පැසීම


   ජල විච්ඡේදනයේදී නිෂ්පාදනය වූ කාබනික සංයෝග (සරල සිනි, ඇමයිනෝ අම්ල , මේද අම්ල, හා ග්ලිසරෝල්) පැසීම සිදු වී CO2 , H2 , NH3 (ඇමෝනියා) සහ කාබනික අම්ල නිෂ්පාදනය සිදු වේ. මෙය නිර්වායු තත්ත්ව යටතේ නිර්වායු ක්ෂුද්‍ර ජීවින්ගෙන් සිදු වේ.

3.ඇසිටික් අම්ල ජනනය


  පැසීමේ අදියරේදී නිෂ්පාදනය වූ කාබනික අම්ල නිර්වායු තත්ව යටතේදී අම්ල ජනක බැක්ටීරියා මගින් ඇසිටික් අම්ල සහ CO2  බවට පත් වේ.

4.මීතේන් නිපදවීම


   පැසීමේ අදියරේදී නිෂ්පාදනය වූ CO2 සහ H2 මීතේන් නිෂ්පාදනය කරන බැක්ටීරියා විසින් නිර්වායු තත්ත්ව යටතේදී මීතේන් වායුව බවට පත් කරයි.

CO2 + 2H2  ➝  CH4 + O2










1 comment: